SRI LANKAN NEWS
කොළඹ මහා නගර සභාවේ නගරාධිපති තේරීමේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙනවා. කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් ආණ්ඩුව පාර්ශ්වයෙන් යෝජනා කර තිබෙනවා. මීට අමතරව විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ රීසා සරුක් යෝජනා කර තිබෙනවා. ඒ අනුව එහිදී රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කර..
කටුනායක සිට සිංගප්පූරුව බලා පිටත්වූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩ බස්වා තිබෙනවා. ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් විසින් එම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවෙන බවට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ගුවන් මගීන් හෝටල් කාමර තුළ..
ශ්‍රී ලංකන් ගුවන් සේවය ශක්තිමත් කිරීම සඳහා ගුවන් යානයක් ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශකර තිබෙනවා. මෙවැනි අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු යානයක් ලබාගැනීම ශ්‍රි ලංකා ගුවන් යානා පද්ධතියට විශාල වටිනාකමක් එකතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ගුවන් යානයේ ලීසිං..
ශ්‍රී ලංකාව තුල Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව දියත් කිරීමට රජයේ අනුමැතිය ලබාදුන් බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශකර තිබෙනවා. ආසියානු තාක්ෂණික සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ පැවති රැස්වීමකදී මෙම නිවේදනය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. මෙය ක්‍රියාත්මකකිරීම සදහා Starlink වෙතින් final dashboard data බලාපොරොත්තුවෙන් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා..
ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ පදවන විදේශිකයන් සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නව නීතියක් පනවා තිබෙනවා. ඒ අනුව සියලු විදේශිකයන් ත්‍රිරෝද රථ පැදවීම සදහා තාවකාලික බලපත්‍රයක් ලබා ගත යුතු වනවා. තාවකාලික බලපත්‍රය ලබාගැනීම සදහා විදේශිකයන් ලිඛිත පරීක්ෂණයකට සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඩී.පී.සී. උදය..
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය..
26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) පැවති මීටර් 400 X 4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව දිනා ගෙන තිබෙනවා. මේ අතර මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේට හිමිවුණා. 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දකුණු කොරියාවේදී ආරම්භ වුණා. අද සිට ලබන..
සංචාරක සඟරාවක් වන Conde Nast Traveller සාධක 24ක් යොදාගනිමින් සිදුකල සමීක්ෂනයකට අනුව ප්‍රබල රටවල් 82 ක් පරදා ලොව හොදම පවුල් හිතකාමී රට බවට ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා. අධ්‍යාපන ක්‍රමය සඳහා ආකර්ෂණීය ලකුණු හිමිකරගත් ශ්‍රී ලංකාව වසරකට ඩොලර් 354.60 ක අඩු වාර්ෂික ළමාරක්ෂක පිරිවැයක් සහිත රට ලෙසද වාර්තා අතරට එක්විය. ශ්‍රී..
ඇමරිකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පුබුදු දසනායක පත්කර තිබෙනවා. 2016 සිට 2019 දක්වා ඇමරිකා ක්‍රිකට් කණ්ඩායම් නායක ලෙස කටයුතු කල ඔහු ඇමරිකා ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙක්ද වනවා. හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඔහු 1990 දශකයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 11ක් සහ..
