තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූයේ ඔහුට අයත් ඉඩමක කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටියදී යි.

මියයන විට 64 වැනි වියෙහි පසුවු තෙවරප්පෙරුම මහතාගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක් බව ඥාති පුත්‍රයෙකු සඳහන් කර තිබෙනවා.

1960 වසරේදී උපත ලැබූ පාලිත කුමාර තෙවරප්පෙරුම ශ්‍රී ලාංකේය දේශපාලනයේ කතාබහට ලක්වුණු පෙරළිකාර චරිතයක් වනවා.

2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ පාලිත තෙවරප්පෙරුම බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙසද ජනතාවට සේවය කර තිබෙනවා.

2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු ස්වදේශ කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා.

පාලිත තෙවරප්පෙරුම මහතා සිය සුසාන භුමිය ජීවතුන් අතර සිටියදීම නිර්මාණය කර තිබීමත් රට තුළ කතාබහට ලක්වුණු සිදුවීමක් වනවා.

තමා මියගිය පසු කිසිවෙකුටත් කරදරයක් නොවීම වෙනුවෙන් තමා විසින්ම එම සොහොන නිර්මාණය කරගත් බවයි ඔහු ප්‍රකාශ කළේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදුවූ සමයේ මෙන්ම ජල ගැලීම්වලින් කලුතර සහ මතුගම අවට ප්‍රදේශ යටවූ අවස්ථාවලදී තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ජනතාවට ආහාර පාන ලබාදෙමින් සමාජ සේවා කටයුතුවල නිරත වූ අයෙක් ලෙසටයි මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සැලකෙන්නේ.

මන්ත්‍රීවරයාගේ හදිසි අභාවය සැලවීමත් සමග ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් කලුතර ශික්ෂණ රෝහල අසලට පැමිණ සිටි බව ද සඳහන්.

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »