
පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.
ලාඕසයෙන් පැමිණි සංක්‍රමණිකයෙක් වන ඔහු වසර අටක් පිළිකාවෙන් පෙළෙමින් සිටින අතර පසුගිය සතියේ ඔහුගේ නවතම රසායනික චිකිත්සක ප්‍රතිකාර ද ලබාගෙන තිබුණා.
පෝට්ලන්ඩ් හි ඔරිගන් ලොතරැයි ආයතනය විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ මෙම ජයග්‍රාහකයා සහ ඔහුගේ බිරිඳට ලොතරැයිය මිලදී ගැනීමට සහාය වූ මිතුරෙකු සමඟ ත්‍යාගය බෙදා ගන්නා බවයි.

මෙම ලොතරැයි ජයට අදාළව රජයට බදු ගෙවීමෙන් අනතුරුව අදාළ ජයග්‍රාහී සංක්‍රමණිකයාට ඩොලර් මිලියන 642ක මුදලක් එකවර ලැබෙනු ඇති.
ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් මෙම ලාඕස ජාතිකයා කියාසිටියේ තම පවුලට මෙන්ම තමාගේ සෞඛ්‍යයට අවශ්‍ය පහසුකම් සැලසීමට සහ හොඳ වෛද්‍යවරයකු සොයා ගැනීමට මෙම මුදල් උපකාරී වනු ඇති බවයි.

කෙසේවෙතත් පිළිකා රෝගියෙකු ලෙස මෙම සියලු මුදල් වියදම් කිරීමට තමාට කෙතරම් කාලයක් ඉතිරි වී ඇත්දැයි යන්න කිසිවෙකුත් නොදන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.
ඔරිගන් ලොතරැයි නීතිය යටතේ ජයග්‍රහකයින්ට නිර්නාමිකව සිටීමට හැකියාවක් නොලැබෙන අතර ජයග්‍රාහී ත්‍යාග මුදල වාරික වශයෙන් ලබා ගන්නේ නම් රජයට අය කෙරෙන බදු මුදල ද අඩු වනු ඇති.
මෙම ත්‍යාගය ඔරිගන් ලොතරැයි ඉතිහාසයේ 4 වන විශාලතම ජයග්‍රහණය වන අතර ඇමරිකා එක්සත් ජනපද ජැක්පොට් ක්‍රීඩා අතර අටවන විශාලතම ත්‍යාගය ලෙසටයි සැලකෙන්නේ.