වික්ටෝරියා ප්‍රාන්තය පළමු තැනට ගෙනා සමීක්ෂණය

ඔස්ට්‍රේලියානු අධිකරණ බල ප්‍රදේශයන්වල ආර්ථික කාර්ය සාධන දර්ශකයේ ප්‍රථම ස්ථානය වික්ටෝරියා ප්‍රාන්තය හිමිකරගෙන තිබෙනවා.

මීට පෙර එම දර්ශකය තුළ වික්ටෝරියා ප්‍රාන්තයට හිමිව තිබුණේ පස්වන ස්ථානය වන අතර කොම් සෙක් නම් මුල්‍ය සේවා ආයතනය විසිනුයි අදාළ දර්ශකය නිකුත් කර ඇත්තේ.

මෙලෙස ආර්ථික කාර්ය සාධනයේ ඉහළ ප්‍රවණතාවක් වික්ටෝරියා ප්‍රාන්තය පෙන්නුම් කිරීම ආර්ථික විශේෂඥයින් ද මවිතයට පත්වූ කරුණක් බව සඳහන්.

ශක්තිමත් ආර්ථික වර්ධනය, වෙළද අලෙවි පිරිවැටුම ඉහළ යෑම ඇතුලු නොයෙක් ව්‍යාපාරික ප්‍රවණතා මෙලෙස වික්ටෝරියා ප්‍රාන්තය ප්‍රථම ස්ථානය බවට පත්වීමට හේතු සාධක වී තිබෙනවා.

ආර්ථික වර්ධනය, අලෙවි වියදම්, උපකරණ භාවිතය, විරැකියාව, ඉදිකිරීම් ක්ශේත්‍රය, ජනගහන වර්ධනය, නිවාස සහ වාසස්ථාන යන නිර්නායක 8 සැළකිල්ලට ගනිමින් ආර්ථික කාර්ය සාධන දර්ශකය නිර්මාණය වී තිබුණා.

මෙතෙක් එම දර්ශකයේ ප්‍රථම ස්ථානයේ රැදී සිටි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නවතම වාර්තා අනුව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයේ පසුවන්නේ වික්ටෝරියා ප්‍රාන්තය වන අතර එය අනෙකුත් අධිකරණ බල ප්‍රදේශයන්ට සාපේක්ෂව සියයට 19.7ක් වැනි ඉහළ අගයක් ලෙස සටහන් වනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »