ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම සීමා කිරීමට රජය ගෙන ඇති තීරණ හේතුවෙනුයි විශ්ව විද්‍යාල බලධාරීන් මේ සම්බන්ධයෙන් රජයට අනතුරු අඟවා ඇත්තේ.

රජයේ ප්‍රදාන හැරනු විට බොහෝ විශ්ව විද්‍යාල සඳහා විශාලතම ආදායම් මාර්ගය වන්නේ ජාත්‍යන්තර සිසුන් බව බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඉහළම විශ්ව විද්‍යාල අටෙහි බලධාරීන් රජයට අනතුරු අඟවා ඇත්තේ තමන් ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත යැපෙන අතර විදේශ බඳවා ගැනීම් සඳහා ෆෙඩරල් රජය විසින් යෝජිත සීමාවන් මෙම අධ්‍යාපන ක්ෂේත්‍රයට හානි කළ හැකි බවයි.

ජාත්‍යන්තර සිසුන් පිළිගැනීම ඉහළ නැංවීමට විශ්වවිද්‍යාලවලට ඉඩ සැලසීම වෙනුවෙන් රජය සාකච්ඡා කරන බව භාණ්ඩාගාරික ජිම් චාමර්ස් ප්‍රකාශ කර තිබෙනවා.

විශ්ව විද්‍යාල අටේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විශ්ලේෂණය පෙන්නුම් කරන්නේ රජයේ ප්‍රදාන හැරුනුකොට ඔවුන්ගේ වඩාත්ම ලාභදායී ආදායම් මාර්ගය ජාත්‍යන්තර සිසුන් වූ බවයි.

සෑම විශ්ව විද්‍යාලයකම ජාත්‍යන්තර සිසුන් සුළුතරයක් වුවද එම විශ්ව විද්‍යාලවල ගාස්තුවලින් බහුතරයක් ගෙවා ඇති බව මෑතකාලීන වාර්ෂික වාර්තා පෙන්නුම් කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ආදායමෙන් සියයට 72.5කට වඩා වැඩි ප්‍රමාණයක් 2023 දී ජාත්‍යන්තර සිසුන්ගෙන් ලැබී ඇතැයි සඳහන්.

සිඩ්නි විශ්ව විද්‍යාලය සහ මෙල්බර්න් විශ්ව විද්‍යාලවල ජාත්‍යන්තර සිසුන්ගේ ආදායම් ප්‍රතිශතය පිළිවෙළින් සියයට 43 සහ සියයට 45 ක් වී තිබෙනවා.

සිඩ්නි විශ්ව විද්‍යාලය ජාත්‍යන්තර ශිෂ්‍ය මුදල් මත වඩාත්ම රඳා පවතින අතර 2022 වසරේ එහි සමස්ත ආදායමෙන් සියයට 44ක් ජාත්‍යන්තර සිසුන්ගෙන් ලබාගෙන ඇතැයි සඳහන්.

ජාත්‍යන්තර සිසුන්ගෙන් වඩාත් යැපෙන දෙවන සරසවිය වන්නේ මොනෑෂ් විශ්ව විද්‍යාලය වන අතර එහි මුළු ආදායමෙන් සියයට 33.4ක් ජාත්‍යන්තර සිසුන්ගෙන් ලබාගෙන තිබෙනවා.

සියලුම ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලවල ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 2005 සිට 2.5 ගුණයකින් පමණ වැඩි වී ඇති අතර චීන සිසුන් තුන් ගුණයකට වඩා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු අධ්‍යාපන දෙපාර්තමේන්තු දත්තවලට අනුව 2023 දී ජාත්‍යන්තර සිසුන් 975,229ක් බඳවාගෙන ඇති අතර ඉන් 437,485ක් විශ්ව විද්‍යාල සිසුන් වනවා.

ඔස්ට්‍රේලියානු රජය පසුගිය සතියේ නිවේදනය කළේ, නිවාස හා සංක්‍රමණය පිළිබඳ පීඩනය අඩු කිරීමේ අරමුණින් ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කිරීමේ නීති නිර්මාණය කරන බවයි.

යෝජිත නීති මගින් විශ්ව විද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ආයතනවලට ලබා ගත හැකි ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කිරීමට ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍යවරයාට බලතල ලැබෙනු ඇති.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »