එමිරේට්ස් සමාගමේ වාර්තාගත ලාභය නිසා සේවකයන්ට වාර්තාගත ප්‍රසාද දීමනාවක්

එමිරේට්ස් ගුවන් සමාගම සිය සේවකයන්ට සති 20ක වැටුපට සමාන ප්‍රසාද දීමනාවක් ප්‍රදානය කර තිබෙනවා.

ඩුබායි හි ප්‍රමුඛතම ගුවන් සේවය වන එමිරේට්ස් බ්‍රහස්පතින්දා නිවේදනය කළේ සියලුම සමාගම් සේවකයින්ට ඔවුන්ගේ සති 20ක වැටුපට සමාන ප්‍රසාද දීමනාවක් ලැබෙන බවයි.

සමාගම ලැබූ වාර්තාගත ලාභය හේතුවෙන් මෙම දීමනාව ලබාදුන් බවයි සභාපති ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්තුම් (Sheikh Ahmed bin Saeed Al Maktoum) සඳහන් කළේ.

ඔහු සේවකයන්ගේ කැපවීම සඳහා කෘතඥතාව පළ කළ අතර ලැබුණු සෑම ඩිරාම් එකක් සේවක කැපවීමේ ප්‍රතිඵල බව සඳහන් කර තිබෙනවා.

එමිරේට්ස් ගුවන් සමාගමේ සේවක සංඛ්‍යාව 112,406ක් දක්වා 10% කින් වැඩි වූ අතර පසුගිය වසරේ සති 24ක වැටුපට සමාන බෝනස් මුදලක් ලබාදුන් බව ද සභාපතිවරයා ප්‍රකාශ කළා.

එමිරේට්ස් සමූහය 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා ඩිරාම් බිලියන 18.7ක වාර්තාගත ලාභයක් වාර්තා කළ අතර එය සියයට 71ක වර්ධනයක් බවයි පෙන්නුම් කර ඇත්තේ.

Emirates සහ dnata යන සමාගම් දෙකම සැලකිය යුතු ලාභ සහ ආදායම් වර්ධනයක් අත්කර ගත් අතර ඩිරාම් බිලියන 47.1ක මුදල් ශේෂය වසර 38ක සමාගමේ ඉතිහාසය තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වන බව සඳහන්.

සමාගමේ ඉදිරි සැලසුම් පිළිබඳ අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ නව ගුවන් යානා මිලදී ගැනීම් සහ පුහුණු සේවකයන් බඳවා ගැනීම් සමඟින් මෙහෙයුම් පුළුල් කිරීමට සූදානම් බවයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »