පාරිභෝගිකයන්ට කෙටි පණිවුඩ මිලියන ගණනක් යැවූ පීසා සමාගමට දඩ

ලොව පුරා ජනප්‍රිය පීසා සමාගමක් වන Pizza Hut වෙත ඔස්ට්‍රේලියා අධිකරණයක් විසින් ඩොලර් මිලියන 2.5ක දඩයක් නියම කර තිබෙනවා.

පාරිභෝගිකයන් මිලියන ගණනකට එම සමාගමේ පීසා පිළිබඳ කෙටි පණිවිඩ යැවීම සම්බන්ධයෙන් වැරදිකරු වීම හේතුවෙනුයි මෙම දඩ මුදල පනවා ඇත්තේ.

Pizza Hut සමාගම මාස හතරක කාලයක් තුළ විවිධ පාරිභෝගිකයන්ට මිලියන 10කට වැඩි අනවශ්‍ය අලෙවිකරණ පණිවිඩ යවා ඇතැයි චෝදනා එල්ලවී තිබෙනවා.

පසුගිය 2023 වසරේ ජනවාරි සහ මැයි අතර කාලය තුළ සමාගමේ පාරිභෝගිකයෙකු ලෙස ලියාපදිංචි වී නොමැති පුද්ගලයින්ට ඊමේල් ලක්ෂ 59කට වැඩි ප්‍රමාණයක් (5,941,109) සහ අලෙවිකරණ කෙටි පණිවිඩ ලක්ෂ 43කට වැඩි සංඛ්‍යාවක් (4,364,971)ක් යවා ඇතැයි සඳහන්.

එම වරද සම්බන්ධයෙන් පැනවූ දඩ මුදලට අමතරව Pizza Hut සමාගම නීතිරීතිවලට අනුකූල වීම සමාලෝචනය කිරීමට සහ අවශ්‍ය අවස්ථාවලදී වැඩිදියුණු කිරීම් සිදු කිරීමට ස්වාධීන උපදේශකයෙකු පත් කිරීමට ද නියෝග කර තිබෙනවා.

සමාගම විසින් අලෙවිකරණ පණිවිඩ යැවූ මිලියන 10කට වඩා වැඩි පාරිභෝගිකයන්ට එම පණිවුඩ තම දුරකථනයට ලැබීම වළක්වා ගැනීමට විකල්පයක් ද සමාගම විසින් ලබාදී නොමැති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය විසින් අනාවරණ කරගෙන ඇත්තේ ඇතැම් ගනුදෙනුකරුවන් කිහිප වතාවක් මෙම පණිවුඩ ලැබීමෙන් ඉවත් වීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවල තවත් පණිවිඩ කිහිපයක් ද ලැබී ඇති බවයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »