
Sunday | 6.20 PM - 6.50 pm | Ape Sinhala Iskole
ඕස්ට්රේලියාවේ ශ්රී ලාංකික දූ දරුවන් වෙනුවෙන් ඔවුන් ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට සහ ඔවුනට දැනුම ලබා දීමට Ausලංකා TV අප සූදානම්! ඔබත් ඔබේ දරුවන් ගේ දක්ෂතා අප වෙත යොමු කරන්න. [email protected]
Sunday | 6.50 PM -7.00 PM | Mohothak sithanna
ජීවිතේ හරි වේගයෙන් අපි ඉස්සරහට යනවා… අපි කිහිප දෙනෙක් පසු කරද්දී තවත් අය ඉස්සරහින්… ඒ අය පසු කරද්දී… තවත් අය ඉස්සරහින්… ඉවරයක් නැති ජීවිත තරඟය අතරතුර, අපි ටිකකට නවතිමු. මොහොතක් සිතමු. ජීවිතය හරියට දිනන්නට ඔබට පෙර මග කියන… “මොහොතක් සිතන්න”.
Sunday | 7.00 PM - 7.30 PM | Auslanka weekend news
වැදගත් ප්‍රවෘත්ති කලාවක් වෙනුවෙන් අපි නිරතුරුව පෙනී සිටිමු. විශ්වාසදායි ප්‍රවෘත්ති පිරිසිදුව ඔබ වෙත ගෙන එන්නෙමු. මේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ සතියේ සිදුවූ වැදගත් ප්‍රවෘත්ති අපක්ෂපාතිව සම්පිණ්ඩනය කරන “සත්‍ය සිදුවීම් සතියේ වාර්තාකරණය – AUSලංකා TV ප්‍රවෘත්ති” අඩ පැයයි.
Sunday | 7.30 PM - 8.00 PM | Yamu api srilanka
මීළග ලංකා ගමනේදී මෙතෙක් ඔබට මුණනොගැසුණු සුන්දර ගමනාන්තයකට පාර කියන්නට අපි සුදානම්. අපේ
මවුබිමේ නොදුටු අපූර්වත්වය අපි ඔබ වෙනුවෙන් ඔබේ ආලින්දයට රැගෙන එනවා. මේ ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට, සිරිලක අසිරිය කියන “යමු අපි ශ්‍රී ලංකා”.
මවුබිමේ නොදුටු අපූර්වත්වය අපි ඔබ වෙනුවෙන් ඔබේ ආලින්දයට රැගෙන එනවා. මේ ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට, සිරිලක අසිරිය කියන “යමු අපි ශ්‍රී ලංකා”.
Sunday | 8.00 PM- 8.30 PM | Mataka
ඔබ වැඩියෙන්ම සතුටු වුන දවසත් වැඩියෙන්ම දුක් වුන දවසත් අතර ගෙවී ගිය මතක… අප උපන්න පොළොවෙන් ඈත රටක ගොඩනැගුණු මතක… ඔබ වෙහෙස කරන මතක… හිත රිද්දන මතක… සිනහ කැන්දන මතක… වාරණයක් නැතුවම දොරේ ගලන්නට ඉඩ දෙන “මතක”.


Sunday | 8.30 PM - 9.00 PM | Kema kade
ලංකාවේ රහට කෑම ටිකක් කන්න ඕස්ට්‍රේලියාවේ තියන අපේ කඩ හොයාගෙන යන ගමන. ඕස්ට්‍රේලියාවේදී හැදුන අපේ සින්දු අහන්නයි, ලංකාවේ කඩ වල කෑම රස බලන්නයි, දෙකම එකට කරන්න පුළුවන් එකම වැඩසටහන… “කෑම කඩේ Chart Show”.


Sunday | 9.00 PM - 9.30 PM | Auslanka prasanga wedikawa
ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතයේ දක්‍ෂයන් සොයා යන සංගීත වැඩසටහනයි “AUSලංකා ප්‍රසංග වේදිකාව”. ක්ලැරන්ස්, සුනිල්, නලින් පරපුරේ ඕස්ට්‍රේලියානු නියෝජනය සොයා යන අපේ මේ වෑයම ඔබ වෙනුවෙන්මයි. ඔබත් දක්ෂතා සපිරි ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය සංගීත කණ්ඩායමක් නම්, ඔබ දකින සිහිනයට අත්වැලක් වන්නට අප සුදානම්. ඔබගේ සංගීත කණ්ඩායමත් AUSලංකා ප්‍රසංග වේදිකාවට ගොඩවන්නට අවශ්‍යනම් අපව දැන්ම අමතන්න.

