පිළිකාව සුව කළ හැකි ලොව මවිතයට පත්වන ක්‍රමවේදයක් සාර්ථක වෙයි

පිළිකා රෝගය වර්ධනය වීමට වසර හතකට පෙර රුධිරයේ වෙනසක් සිදුවන බවට නවතම පිළිකා පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.

පිළිකා රෝගය සම්බන්ධව රුධිරයේ වර්ධනය වන ප්‍රෝටීන් වසර හතකට පෙර පෙන්නුම් කෙරෙන අතර ඉන් අදහස් කෙරෙන්නේ රෝගය කලින් සොයාගෙන ප්‍රතිකාර කළ හැකි බවයි විශේෂඥයන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ප්‍රෝටීන පිළිකාවේ මුල් අවධියේදීම හඳුනා ගත හැකි බව Oxford විශ්ව විද්‍යාලයේ Oxford Population Health මගින් සිදු කළ පිළිකා පර්යේෂණයක් මගින් අනාවරණ කරගෙන තිබෙනවා.

එම ප්‍රෝටීන වර්ධනයට බාධා කිරීම මගින් පිළිකා රෝගය වර්ධනය වීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට වෛද්‍යවරුන්ට කටයුතු කළ හැකි බව එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ විශේෂඥයන් ප්‍රකාශ කළා.

Oxford Population Health හි ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ ආචාර්ය කාල් ස්මිත් කියා සිටියේ කිසිදා කළ නොහැකි යැයි සිතූ පිළිකා මර්දනය බොහෝ දුරට සාර්ථක වී ඇති බවයි.

ප්‍රෝටිමික්ස් නම් තාක්‍ෂණය භාවිතා කරමින් සිදු කර ඇති මෙම අධ්‍යයන දෙකම පිළිකාවට ලක්ව සිටින සහ මුලික අධියරේ සිටින පුද්ගලයින් යොදාගෙන තිබුණා.

පිළිකාව වැලැක්වීමට නම්, එහි වර්ධනයේ මුල් අවධියට බලපාන සාධක තේරුම් ගත යුතු බවයි අධ්‍යයන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ කතුවරයා වූ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ මහාචාර්ය රූත් ට්‍රැවිස් ප්‍රකාශ කළේ.

මෙම අධ්‍යයනයේ දී විද්‍යාඥයින් විසින් එකතු කරන ලද රුධිර සාම්පල 44,000ක් පමණ විශ්ලේෂණය කරන ලද අතර පිළිකා රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සාම්පල 4900 කට වඩා ප්‍රමාණයක් ද ඊට ඇතුළත්ව තිබෙනවා.

විවිධ වර්ගයේ පිළිකා වර්ග නවයක් වැළඳීමේ අවදානමට බලපාන ප්‍රෝටීන 40ක් රුධිරයේ ඇති බව ඔවුන් සොයා ගෙන ඇති අතර එම ප්‍රෝටීන වෙනස් කිරීම මගින් යමෙකුට පිළිකාවක් වැළඳීමේ සම්භාවිතාව වැඩි හෝ අඩු කළ හැකි බව සඳහන්.

ඖෂධ මගින් එම ප්‍රෝටීන ඉලක්ක කර ගැනීම තුළින් අනපේක්ෂිත අතුරු ආබාධ ඇති වන්නේ ද යන්න නිරීක්ෂණයට තවත් පර්යේෂණ අවශ්‍ය බව පර්යේෂකයන් ප්‍රකාශ කර තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »