මෙල්බර්න් කවුන්සිලය මාර්ග පිරිසිදු කිරීම නතර කර දමා ඇතැයි තොරතුරු වාර්තා වනවා.
මෙල්බර්න් හි යාරා නගරයේ ජනතාව පවසන්නේ ප්‍රදේශයේ මාර්ග නඩත්තු කළ යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් කවුන්සිලය සහ ප්‍රාන්ත රජය අතර පවතින මතබේධයක් හේතුවෙන් මෙම අර්බුධය මතුවී ඇති බවයි.
ලබන ජුලි මස පළමුවනදා සිට හොඩ්ල් වීදිය, බ්‍රන්ස්වික් වීදිය, ස්මිත් වීදිය, ක්වීන්ස් පැරඩ්, සහ ස්වෝන් ස්ට්‍රීට් වැනි ප්‍රධාන මාර්ගවල තවදුරටත් සභාව විසින් පිරිසිදු කිරීම සහ අධීක්ෂණය කිරීම සිදු නොකෙරෙන බව සඳහන්.
සාමාන්‍ය ක්‍රමවේදය අනුව ප්‍රාන්ත රජය විසින් මාර්ග නඩත්තුව සඳහා සභාවට අරමුදල් සපයා තිබුණ ද යාරා නගර කවුන්සිලය පවසන්නේ වත්මන් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවයි.
ඩොලර් මිලියන 1ක සේවා කටයුතු සඳහා තමන්ට ලැබෙන්නේ ඩොලර් 90,000ක් පමණක් බව නගරාධිපති එඩ්වඩ් ක්‍රොස්ලන්ඩ් ප්‍රකාශ කළා.
යාරා ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම තීරණය මහජන සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ පනත උල්ලංඝනය කිරීමක් විය හැකි අතර සනීපාරක්ෂක තත්ත්වයන් පවත්වාගෙන යාම සභාව විසින් කළ යුතු බවයි.
පිරිසිදු කිරීමේ සේවාවන්වලින් ඉවත් වීමට ඔවුන්ට කිසිසේත්ම නීතිමය පදනමක් නොමැති බව ද ප්‍රදේශවාසීන් පෙන්වා දී තිබෙනවා.