ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාර සහ ඉන් අනතුරුව ගාසා තීරයේ සිදුවූ යුද්ධයට අදාළව යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙනුයි මෙම අත්අඩංගුවට ගැනීමේ නියෝගය ඉල්ලා ඇත්තේ.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම තවත් ඉහළ පෙළේ හමාස් නායකයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා ඇතැයි සඳහන්.

මෙම ඉල්ලීමට අදාළව සාක්ෂි සලකා බැලීමට සහ නඩු කටයුතු ඉදිරියට ගෙන යා හැකිද යන්න තීරණය කිරීමට සාමාන්‍යයෙන් මාස දෙකක කාලයක් ගතවන අතර විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් පූර්ව නඩු විභාගයකින් යුක්තව වරෙන්තු ඉල්ලා සිටිය යුතු වනවා.

ඊශ්‍රායලය ජාත්‍යන්තව අපරාධ අධිකරණයේ සාමාජිකයෙකු නොවන අතර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළද බෙන්ජමින් නෙතන්යාහු සහ යාහියා සින්වාර් කඩිනම් නඩු පැවරීමේ අවදානමකට මුහුණ නොදෙන බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් මෙම නිවේදනය අනුව ඊශ්‍රායලයේ අවදානම වැඩි කරන අතර අත්අඩංගුවට ගැනීමේ අවදානම හේතුවෙන් ඊශ්‍රායල නායකයින්ට විදේශගත වීම දුෂ්කර වනවා.

ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසුවේ තම නායකයින්ට එරෙහිව වරෙන්තු ලබා ගැනීමට ප්‍රධාන අභිචෝදකයා ගත් තීරණය සදහටම මතකයේ රැඳෙන ඓතිහාසික අපකීර්තියක් බවයි.

එවැනි ඕනෑම ක්‍රියාවකට එරෙහිව සටන් කිරීමට තමා විශේෂ කමිටුවක් පිහිටුවන බවත් ඊශ්‍රායල නායකයින්ට එවැනි වරෙන්තු ක්‍රියාත්මක නොකිරීමට ලෝක නායකයන් සමඟ කටයුතු කරන බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »