හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කළේ අනතුරින් ජීවිතක්ෂයට පත් ජනාධිපතිවරයා ඇතුලු පිරිස වෙනුවෙන් දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන අධ්‍යත්මික නායක අයතුල්ලා අල් කමේනි කටයුතු කර ඇති බවයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටරය පෙරේදා අනතුරට ලක්වුණේ නැගෙනහිර අසර්බයිජානයට ආසන්න ජොල්ෆා ප්‍රදේශයේදීයී.

මෙම අනතුරින් ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්ලයියාන්, නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ආණ්ඩුකාර මලික් රහ්මති සහ තබ්රිස් පළාතේ ඉමාම්වරයා වූ මුහම්මද් අලි අල් හෂීම් ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර හමාස් සංවිධානයද ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා.

එම සංවිධානයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ වියෝව සම්බන්ධයෙන් සහෝදර ඉරාන ජනතාව සමඟ දුක සහ වේදනාවේ හැඟීම් බෙදාගන්නා බවටයි.

එමෙන්ම ඉරානය සමඟ සම්පූර්ණ සහයෝගීතාවයෙන් කටයුතු කරන බවටද එම ප්‍රකාශයේ සඳහන්.

මේ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ හදිසි අභාවයෙන් පසු ඉරාන උප ජනාධිපති මොහොමඩ් මොක්බර් අන්තර්වාර ජනාධිපතිවරයා බවට පත්වනු ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව, අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස 68 හැවිරිදි වියේ පසුවන මොක්බර් කතානායකවරයා සහ අධිකරණ ප්‍රධානියා සමග ත්‍රිපුද්ගල කවුන්සිලයේ සාමාජිකත්වට පත්වෙනු ඇති.

ඉරාන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ මරණයෙන් දින 50ක් ඇතුළත නව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි.

නමුත් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ හැක්කේ ඉරාන අධ්‍යාත්මික නායකයාගේ අනුමැතිය මත පමණක් වන අතර ඉරානයේ සිදුකෙරෙන ඕනෑම කටයුත්තක අවසාන තීරණය ඔහු සතු වනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »