පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

අයවැය වඩාත් හොඳ වනු ඇතැයි විශ්වාස කරන්නේ හතරෙන් එකක් පමණ පිරිසක් පමණක් බවයි සඳහන් වන්නේ.

එක් නිවසකට ඩොලර් 300ක විදුලි බිල්පත් වට්ටමක් වැනි රජයේ සහන ක්‍රියාමාර්ග ලැබුණ ද අයවැය ජීවන වියදමට බොහෝ සෙයින් උපකාරී වනු ඇති බවට ජනතාවට ඒත්තු ගැන්වී නොමැති බව ඔස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචනයේ නව මත විමසුමක ප්‍රතිඵලවලින් පෙනී ගොස් තිබෙනවා.

ඡන්දදායකයින් 1056ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ සියයට 39ක් පසුගිය අඟහරුවාදා ඉදිරිපත් කෙරුණු අයවැයේ ඉදිරිපත් කළ විශාල වියදම් යෝජනා හේතුවෙන් පොලී අනුපාත ඉහළ යාමේ අවස්ථා වැඩි කරනු ඇති බවට විශ්වාස කරන බවයි.

සියයට 28ක් එයින් බලපෑමක් ඇති නොකරනු ඇතැයි සිතා සිටින අතර අයවැය වාසි දැනී ඇත්තේ සියයට 11කට පමණක් බව සඳහන්.

අයවැය උද්ධමනය අඩු කිරීමට උපකාරී වුව ද මුදල් අනුපාතිකය අඩු කිරීමට උපකාරී නොවන බවයි භාණ්ඩාගාර අනාවැකිවලට අනුව පෙනී ගොස් ඇත්තේ.

ඩොලර් බිලියන 7.8ක ජීවන වියදම් පැකේජය, ඩොලර් බිලියන 1.9 ක කුලී ආධාර සහ අඩු මිලට ඖෂධ සහන ප්‍රකාශයට පත් කර බියදීත් ඡන්දදායකයින් බොහෝ දුරට උද්යෝගිමත් නොවූ බව මත විමසුමෙන් හෙළි වී තිබෙනවා.

සියයට 24ක් තම නිවස මූල්‍යමය වශයෙන් යහපත් වනු ඇතැයි සිතා ඇති අතර සියයට 46ක් අයවැයෙන් කිසිදු වෙනසක් සිදු නොකරනු ඇතැයි විශ්වාස කර ඇති බව සඳහන්.

තවත් සියයට 23ක් කියා සිටියේ තම පවුල් වල ආරථික තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »