මෙල්බන් සරසවියේ කඳවුරු බැඳපු සිසුන්ට අනතුරු ඇඟවීමක්

විරෝධතා නතර කර සරසවි ගොඩනැගිලිවලින් ඉවත් නොවන්නේ නම් විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරීමට සිදුවන බවට මෙල්බන් විශ්ව විද්‍යාලයේ විරෝධතාවයේ නිරත පලස්තීන හිතවාදී සිසුන්ට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

විරෝධතාකරුවන් පසුගිය සතියේ ආර්ට්ස් වෙස්ට් ගොඩනැගිල්ලට ගිය අතර, ආරක්ෂාව පිළිබඳ හේතූන් මත එහි පන්ති ද අවලංගු කිරීමටයි පියවර ගැනුණේ.

ඊශ්‍රායල ප්‍රහාරවලට සම්බන්ධ අවි සමාගම් සමඟ සබඳතා අත්හරින ලෙසට බල කරමින් රට පුරා විශ්වවිද්‍යාලවල සිසුන් අඛණ්ඩව විරෝධතා පවත්වමින් සිටිනවා.

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ උපකුලපති ඩන්කන් මස්කෙල් විරෝධතාකරුවන්ට නියෝග කර ඇත්තේ ඔවුන්ගේ දේපළ ඉවත් කර ගොඩනැගිල්ලෙන් පිටව යන ලෙසටයි.

තම විශ්ව විද්‍යාලය සාමකාමී ආකාරයෙන් විවිධ මත හුවමාරු කර ගත හැකි ස්ථානයක් කිරීමට කැපවී සිටින අතර භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට සහ සාමකාමී විරෝධතාවයක නියැලීමට ඇති අයිතියට ගරු කරන බැව් ද ඔහු නිවේදනය කළා.

කෙසේ වෙතත්, විශ්ව විද්‍යාල භූමිය සාමකාමී නොවන විරෝධතා සඳහා භාවිතා කිරීම මෙන්ම විශ්වවිද්‍යාල ක්‍රියාකාරකම්වලට බාධා කරන ආකාරයේ විරෝධතා සඳහා යොදා නොගත යුතු බව ද උප කුලපතිවරයා අවධාරණය කර තිබෙනවා.

එබැවින් අනතුරු ඇඟවීමට අවනත නොවන පුද්ගලයින් නෙරපා හැරීමට සිදුවන බවයි මෙල්බන් සරසවියේ උප කුලපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »