හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය අතරින් පළමු තැන ඔස්ට්‍රියාවට

යුරෝපයේ හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය ශ්‍රේණිගත කිරීම් අතර ඔස්ට්‍රියා ගුවන් සේවා කාර්ය මණ්ඩලය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

2023 වසරට අදාළව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති අතර එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ එයා ෆ්රාන්ස් ගුවන් සමාගමයි.

ස්කයි ට්‍රැක්ස් (Skytrax) විසින් හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩල ප්‍රකාශයට පත් කර ඇති අතර, වඩාත් කැපවූ, මිත්‍රශීලී සහ කාර්යක්‍ෂම කාර්ය මණ්ඩලයක් සහිත ගුවන් සමාගම් පදනම් කර ගනිමිනුයි මෙම තෝරා ගැනීම් සිදු කරනු ලබන්නේ.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ගොඩබිමේ සහ ගුවනේ යන දෙඅංශයේදී ම උසස් පාරිභෝගික සේවාවක් තුළින් මගීන්ගේ පහසුව වෙනුවෙන් කටයුතු කළ පෙරටුගාමී ගුවන් සේවා කාර්ය මණ්ඩලය ඇගයීමට ලක් කෙරෙනවා.

ඒ අනුව යුරෝපයේ හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලයට අදාළව තුන්වන ස්ථානය ස්විස් එයා කාර්‍ය මංඩලයට හිමිව තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමට අනුව යුරෝපයේ හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩල10ක් නම්කර ඇති අතර එහි 10වන ස්ථානයට පත්ව ඇත්තේ ටර්කිෂ් එයාලයින් කාර්‍ය මණ්ඩලයයි.

එම ශ්‍රේණිගත කිරීමේ 4 වන ස්ථානය අ ජීයන් එයාර් ලයින්ස් (Aegean Airlines) හිමිකරගෙන ඇති අතර 5වන ස්ථානය බ්‍රිටිෂ් එයාවේස් කාර්‍යමණ්ඩලයට හිමිව තිබෙනවා.

වර්ජින් අට්ලන්ටික් ගුවන් කාර්ය මණ්ඩලය 6වන ස්ථානයත් ෆින් එයාර් සහ ඉබේරියා ගුවන් සමාගම් කාර්‍යමණ්ඩල නිලධාරීන් පිළිවෙළින් 7 සහ 8 වන ස්ථාන හිමිකරගෙන තිබුණා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »