නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

ඇස්බැස්ටෝස් තුරන් කිරීමේ කවුන්සිලයේ සභාපති පෝල් බැස්ටියන් සඳහන් කළේ ඇස්බැස්ටෝස් අවධානම සමාජය තුළ තවමත් පවතින බවයි.

මේ අතර ඇස්බැස්ටෝස් මූලද්‍රව්‍ය ලැව්ගිනි මෙන්ම ස්වභාවික ආපදාවන්ට නිරාවරණය වීමෙන් ඇතිවන අවධානම ඉහළ වන අතර පරිසර දූෂණය සඳහා ද බලපෑම් කෙරෙනවා.

වසර 20කට පෙර නිවාස ඉදිකිරීමේ ජනප්‍රිය මුලිකාංගයක් බවට ඇස්බැස්ටෝස් පත්ව තිබුණ ද ඉන් පුද්ගල සෞඛ්‍යයට මෙන්ම පරිසරයට සිදුවන බලපෑම හේතුවෙනුයි භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ.

තවදුරටත් නිවාස තුළ ඇස්බැස්ටෝස් මුලද්‍රව්‍ය සහිත කොටස් පවතින්නේ නම් ඒවා ආරක්ෂිතව ඉවත් කිරීමට පළපුරුදු කාර්මිකයින්ගේ සහය ලබා ගන්නා ලෙස බලධාරින් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

රට පුරා ගොඩනැගිලි සහ ව්‍යුහයන් මිලියන ගණනක තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිතයේ පවතින අතර එමගින් පුද්ගල ජීවිතවලට ද තර්ජනයක් සිදුවිය හැකි බැවින් ඉක්මනින් ඒවා ඇස්බැස්ටෝස්වලින් තොර ස්ථාන බවට පත් කරගන්නා ලෙසයි ඇස්බැස්ටෝස් තුරන් කිරීමේ කවුන්සිලය ජනතාවට දැනුම් දී ඇත්තේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »