දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, බටහිර ඕස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල සේවා සඳහා මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

එළඹෙන අලෙවි ප්‍රවර්ධන සමයේදී රට පුරා සිටින ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඇණවුම් තෝරා ගැනීමට, ඇසුරුම් කිරීමට සහ නැව්ගත කිරීමට උපකාර කිරීම වැනි රැකියා මෙම බඳවා ගැනීම්වලට ඇතුළත් වනු ඇති.

සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂවරයා පැවසුවේ සමාගම කෙටි කාලීන භූමිකාවන් සඳහා කැපවීමක් සහ උද්යෝගීමත් පුද්ගලයන් සොයන බවයි.

රැකියා පුහුණුව ලබා දෙන බැවින් පෙර පළපුරුද්ද හෝ විධිමත් සුදුසුකම් අවශ්‍ය නොවන බව ඔහු සඳහන් කළා.

පසුගිය මාර්තු මාසයේදී නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවකින් හෙළි වූයේ මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන් ජීවන වියදම වැඩි වන විට දෙවන රැකියාවක් සොයමින් සිටින බවයි.

Finder විසින් කරන ලද සමීක්ෂණයකින් පෙන්නුම් කළේ ඊට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 32ක් ප්‍රකාශ කර තිබුණේ පවතින මුල්‍ය පීඩනය හේතුවෙන් එක් රැකියාවකට වඩා කිරීමට සිදුවී ඇති බවයි.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »