දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දියතලාව ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි දැරියක් වූ ඇය බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇයගේ මෘත දේහය මේ වනවිට බදුල්ල මහ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය පසුගිය අප්‍රේල් 21 වනදා පෙරවරුවේ දියතලාව ෆොක්ස් හිල් ධාවන පථයේ පැවැත්වෙන අතරතුර අනතුර සිදුව තිබුණා.

ධාවන තරගයේ සහායකවරුන් 4 දෙනෙකු ද මරණයට පත්වූ අතර සෙසු සියලුදෙනා තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අය බව සඳහන්.

මෙම අනතුරින් පසු මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර පසුව ඔවුන් නිදහස් කෙරුණා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »