Search

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. එය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ එකක 5.2ක් ලෙසටයි.

පැපුවා නිව්ගිනියාවේ නිව් බ්‍රිටේන් දූපත ආසන්නයේ භූමිකම්පාව කිලෝමීටර් 10ක ගැඹුරක මෙම ප්‍රබල භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර නිව් බ්‍රිටේන් පළාතේ රබෝල් නගරයට වයඹ දෙසින් කිලෝමීටර් 74ක් පමණ දුරින් සවස 4.30 ට පමණ මෙම භූමිකම්පාව සිදුවී ඇතැයි සඳහන්.

නිව් බ්‍රිටේන් කලාපය පැපුවා නිව්ගිනි රාජ්‍යයේ කලාප හතරෙන් එකක් වනවා.

පසුගිය මාර්තු මාසයේදී පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නැගෙනහිර සෙපික් පළාතේ හටගත් රිච්ටර් මාපකයේ 6.9 ක භූමිකම්පාවකින් පුද්ගලයන් කිහිප දෙනෙකු මිය ගොස් නිවාස 1000 ක් පමණ විනාශ වුණා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »