Search

ලොව පුරා සිටින බිලියනපතියන් ගැන අලුත්ම වාර්තා එළියට

2024 වසර වන විට සමස්ත ලෝකය පුරා සිටින බිලියනපතියන් ගණන 3279ක් බව නවතම වාර්තා මගින් හෙළිව තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ වැඩිම බිලියනපතියන් සංඛ්‍යාවක් සිටින රට ලෙස චීනය නම් කර ඇති අතර එහි ජීවත්ව සිටින බිලියනපතියන් සංඛ්‍යාව 814ක් බව සඳහන්.

එම ශ්‍රේණිගත කිරීමට අනුව බිලියනපතියන් 800ක් සිටින ඇමරිකා එක්සත් ජනපදය දෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

දකුණු ආසියාතික රටක් වන ඉන්දියාව එම ශ්‍රේණිගත කිරීමේ 3 වන ස්ථානය හිමිකරගෙන ඇති අතර එරට සිටින බිලියනපතියන් ගණන 271ක් බව සඳහන්.

වැඩිම බිලියනපතියන් සංඛ්‍යාවක් හිමි රටවල් අතුරින් මහා බ්‍රිතාන්‍යයට හිමිව ඇත්තේ සිව්වන ස්ථානය වන අතර එරට ජීවත් වන බිලියනපතියන් ගණන 146ක්.

එම ශ්‍රේණිගත කිරීමේ ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 14 වන ස්ථානයයි. ඒ අනුව 2024 වසර වන විට ඔස්ට්‍රේලියාවේ බිලියනපතියන් 45ක් සිටින බවයි සඳහන් වන්නේ.

ජර්මනියේ බිලියනපතියන් 140ක් ද ස්විස්ටර්ලන්තයේ බිලියනපතියන් 106ක් සහ ඉතාලිය බිලියනපතියන් 69 දෙනෙකුගෙන් ද සමන්විතයි.