Search

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්‍ය දත්ත අවදානමක?

E- බෙහෙත් වට්ටෝරු බෙදාහරින MediSecure සමාගම විසින් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත අනිසි ලෙස යොදාගන්නා බවට චෝදනා මතුව තිබෙනවා.

ඔස්ට්‍රේලියා රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන සේවාවක් වන මෙය භාවිත කරන පුද්ගලයින්ගේ පෞද්ගලික සෞඛ්‍ය දත්ත අවදානමට ලක්වන බවට ලැබුණු පැමිණිලි ඔස්සේ ෆෙඩරල් පොලිසිය ඒ පිළිබද විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

MediSecure සමාගම මේ පිළිබද සිය වෙබ් අඩවියෙහි නිවේදනයක් නිකුත් කර ඇති අතර එමගින් දන්වා ඇත්තේ පුද්ගලික සහ සෞඛ්‍ය තොරතුරු උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වූ චෝදනා පිළිබඳ අවධානයෙන් පසුවන බවයි.

MediSecure පද්ධතිය මගින් ඇති විය හැකි සියලුම බලපෑම් අවම කිරීමට පියවර ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර සිද්ධියේ බලපෑම කළමනාකරණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩිජිටල් සෞඛ්‍ය ඒජන්සිය සහ ජාතික සයිබර් ආරක්ෂණ සම්බන්ධීකාරක මධ්‍යස්ථානය ද එක්ව තිබෙනවා.

මේ වන විට MediSecure පද්ධතිය තාවකාලිකව අවලංගු කර ඇති අතර එය ඉතා ඉක්මනින් එම තත්වයට පත් කිරීමට පියවර ගන්නා බව සඳහන්.

සයිබර් ආරක්‍ෂක අමාත්‍ය කෙයාර් ඔනීල් පවසන්නේ මේ පිළිබද තමන් දැනුවත් බවත් කඩිනමින් පුද්ගලික අනන්‍යතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »