ඔස්ට්‍රේලියාවේ නව වීසා වැඩසටහනක් ජුනි 2 වනදා සිට ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ නව පැසිෆික් එන්ගේජ්මන්ට් වීසා (Pacific Engagement Visa) ලියාපදිංචිය ලබන ජුනි 2 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පැසිෆික් දූපත් සහ ටිමෝරයේ ලෙස්ටේ ජාතිකයින් 3000කට නව පැසිෆික් එන්ජේජ්මන්ට් වීසා වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකි බවයි ඔස්ට්‍රේලියානු රජය නිවේදනය කර ඇත්තේ.

මේ සදහා මාර්ගගත අයදුම් පත්‍රයක් සම්පුර්ණ කළ හැකි අතර පසුව ස්ථිර පදිංචිකරුවන් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට වීසා බලපත්‍රය සඳහා අයදුම් කළ හැකි වීම විශේෂත්වයක්.

අයදුම්කරුවන් ඔස්ට්‍රේලියාවේ විධිමත් රැකියා දීමනාවක් ලබා ගත යුතු අතර වීසා බලපත්‍රයක් ලබා දීමට පෙර සෞඛ්‍ය සහ චරිත සහතික වැනි අවශ්‍යතා ද සපුරාලිය යුතුයි.

විදේශ කටයුතු අමාත්‍ය පෙනි වොන්ග් සඳහන් කළේ ජනතාව අතර සම්බන්ධතා ශක්තිමත් කරන අතර පැසිෆික් රටවල් සමඟ සංස්කෘතික, ව්‍යාපාරික, ආර්ථික සහ අධ්‍යාපනික හුවමාරුව දිරිමත් කිරීම මෙහි අරමුණ බවයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »