Search

බ්‍රිස්බේන් පාසලක් අසල දරුණු පිහි ඇනුමක්

බ්‍රිස්බේන් නගරයට දකුණින් පිහිටි පාසලක් අසලදී සිදු වූ පිහි ඇනුමක් හේතුවෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අද පස්වරු 2.30ට පමණ ඇකේසියා රිජ් හි ග්‍රෙගරි සහ රොතේසේ වීදිය මංසන්ධියේදී පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඇති බවටයි හදිසි සේවා වෙත වාර්තා වී ඇත්තේ.

පොලිසිය පැවසුවේ එහිදී ජීවිතයට තර්ජනයක් වන තුවාල ඇති පුද්ගලයෙකු හමුවූ අතර ඔහු රෝහල් ගත කර ඇති බවයි.

සිද්ධිය වූ ස්ථානයේ සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව සඳහන්.

දෙමාපියන් තම දරුවන් පාසල අවසන් වී රැගෙන යාමට බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවේ මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.

පොලිසිය පෙන්වා දෙන්නේ සතියක පමණ කාලයක් තුළ ප්‍රදේශයේ සිදු වූ බව කියන දෙවැනි පිහි ඇනුම මෙය බවයි.

ඉරිදා අලුයම 12.10ට පමණ 22 හැවිරිදි තරුණයෙකුට ඇකේසියා රිජ් හි මෝර්ටිමර් පාරේ උද්‍යානයකදී සිදු වූ පිහි ඇනුමකින් ජිවිතක්ෂයට පත්වුණා.

මියගිය පුද්ගලයාගේ 30 හැවිරිදි මිතුරෙකුටයි එම මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ.