කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ මෙම එන්නත භාවිත කිරීමෙන් රුධිරය කැටි ගැසීමේ දුර්ලභ අතුරු ආබාධයක් ඇති කළ හැකි බවටයි.

මේ පිළිබඳ 2021 වසරේ දී ද අධ්‍යනයක් සිදු කර ඇති අතර ඔස්ට්‍රේලියානු පර්යේෂණ කණ්ඩායමේ අත්හදා බැලීම් අනුව එම නිගමන තහවුරු කිරීමට හැකිවු බව සඳහන්.

ඇඩිලේඩ් හි ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාල කණ්ඩායමක් විසින් මෙම අත්හදා බැලීම සිදු කර ඇති අතර කොවිඩ් ආසාධිත අඩු ප්‍රතිශක්තිකරණයක් සහිත පුද්ගලයින් මෙම පර්යේෂණ සඳහා යොදාගෙන තිබුණා.

පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ මෙම සොයාගැනීම් එන්නත් සංවර්ධනය සහ ආරක්ෂාව සඳහා වඩාත් සංවර්ධනීය අවස්ථාවක් බවයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිර්මාණය කළ බ්‍රිතාන්‍ය-ස්වීඩන් ඖෂධ සමාගම ද එම එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ දුර්ලභ අතුරු ආබාධයක් ඇති කළ හැකි බවට පිළිගන්නා බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »