Search

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

වයස අවුරුදු 30ට අඩු තරුණ ව්‍යවසායකයින් අතරින් මෙම නම් කිරීම සිදු කර ඇති අතර ඔවුන් කලාපය තුළ කැපී පෙනන ව්‍යවසායකයින් ලෙසයි හඳුන්වා ඇත්තේ.

ලැයිස්තුවේ සිටින 300 දෙනාම වයස අවුරුදු 30ට අඩු අය වන අතර, ඔවුන් කර්මාන්ත පරිවර්තනයට නායකත්වය දෙන අතර කලාපයේ නව ව්‍යාපාරික ක්‍රමවේදයන් වෙනුවෙන් නව්‍ය ක්‍රම සොයාගත් අය ලෙසට සැලකෙනවා.

ඒ අනුව එහි 29 වන ස්ථානයට පවත්ව ඇත්තේ ශ්‍රී ලාංකේය නිළියක වන දිනාරා පුංචිහේවායි.

දිනාරා 2018 වසරේදී ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයට පැමිණ ඇති අතර මාලා නමින් ඇයගේම කෙටි චිත්‍රපටයක් රචනා කරමින් ඊට රංගනයෙන් සහ අධ්‍යක්ෂණය දායක වූ බව සඳහන්.

එම චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල ද ප්‍රදර්ශනයට ඉදිරිපත් වී තිබෙනවා.

එමෙන් ම ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ගාඩි චිත්‍රපටියට ද ඇය රංගනයෙන් සිය දායකත්වය ලබා දුන්නා. එතැන් සිට ඇය තවත් චිත්‍රපට හතරක රඟපා ඇති බව සඳහන්.

ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන දිනාරා පුංචිහේවා අඩු ආදායම් ලාභී දරුවන් සඳහා ද විශාල දායකත්වක් දැක්වු තරුණ ව්‍යවසායකවරියක් ලෙස ප්‍රසිද්ධයි.

අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන්ගේ නාට්‍ය හා රංග කලාව වෙනුවෙන් ඇය කැපවී ඇති අතර ඒ සඳහා පොත් ද රචනා කර තිබීම විශේෂත්වයක්.

Forbes සඟරාව විසින් මෙම තෝරා ගැනීම් ලැයිස්තුව සඳහා තරුණ ව්‍යවසායකයින්, කලාකරුවන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළත් කරන බව සඳහන්.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »

ඔස්ට්‍රේලියාවට එන ආසියානු සංචාරකයින් බීමතින් හැසිරෙන බවට චෝදනා

ජාත්‍යන්තර ගුවන් ගමන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන මොහෝ සංචාරකයින් මත්පැන් පානය කර කළහාකාරීව හැසිරීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බව Australian Border Force පවසනවා. ABF උප කොමසාරිස්

Read More »