දකුණු ඔස්ට්‍රේලියාවේ රජයේ ගාස්තු මාලාවක් ඉහළට

දකුණු ඔස්ට්‍රේලියාවේ රජයේ සේවා සඳහා අදාළ වන ගාස්තු මාලාවක් ලබන ජූලි මස පළමුවනදා සිට ඉහළ යාමට නියමිතව තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික ස්ටීවන් මුල්ලිගන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එළඹෙන මූල්‍ය වසරේ ඇතැම් රජයේ ගාස්තු සියයට 3 කින් ඉහළ ගිය ද එය උද්ධමන අනුපාතයට වඩා පහළින් පවතින බවයි.

වාහන ලියාපදිංචිය, රියදුරු බලපත්‍ර ගාස්තු මෙන්ම අධික වේගයෙන් රිය පැදවීමේ දඩ මුදල් ද වැඩි කිරීමට නියමිතව තිබෙනවා.

මෙම ගාස්තු වැඩි කිරීම හේතුවෙන් බස්, ට්‍රෑම් සහ දුම්රිය ගාස්තු ද ශත 20කින් පමණ ඉහළ යනු ඇති.

සිලින්ඩර හතරක මෝටර් රථයක් සඳහා ලියාපදිංචි ගාස්තුව ඩොලර් 4 කින් ඉහළ යනු ඇති අතර සිලින්ඩර හයේ වාහන සඳහා ඩොලර් 9ක වැඩිවීමක් සිදුවන බව සඳහන්.

වසර පහක කාලයක් සඳහා රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඩොලර් 10 කින් සහ අවුරුදු 10ක් සඳහා ඩොලර් 20 කින් වැඩි වනු ඇති.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »