මෙල්බර්න්හි ප්‍රසිද්ධ අවන්හලක් අසල පිහි ඇනුමක්

මෙල්බර්න්හි මැක්ඩොනල් අවන්හලක් අසල සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම පිහි ඇනුමෙන් අදාළ පුද්ගලයාගේ ජීවිතයට තර්ජනයක් විය හැකි තුවාල ලබා ඇති බවයි.

අද උදෑසන 6 ට පමණ තුවාල ලැබූ පුද්ගලයෙකු පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව හදිසි සේවා කණ්ඩායම් සෙන්ට් ඇල්බන්ස්හි ක්ෂණික ආහාර අලෙවිසැලේ රථගාලට පැමිණ තිබුණා.

මෙතෙක් අනන්‍යතාව හෙළිකරගෙන නොමැති මෙම පුද්ගලයා සිරුරේ පහළ කොටසේ බරපතල තුවාල සහිතව සොයාගෙන ඇති අතර මෙල්බර්න් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

පොලිසිය සැක කරන්නේ මෙම පුද්ගලයා තවත් අයෙකු සමග ඇති කර ගත් ආරවුලක් හේතුවෙන් මෙලෙස පිහි ඇනුමට ලක්ව ඇති බවටයි.

සිද්ධියට අදාළ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් හඳුනාගෙන හෝ අත්අඩංගුවට ගෙන නැහැ.

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »