බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

පවතින රුධිර තොග තීරණාත්මක මට්ටම් කරා ළඟා වන බැවින් ඉක්මනින් රුධිරය පරිත්‍යාග කරන ලෙසටයි සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා ඇත්තේ.

මෙම සතියේ පර්ත් නගරයේ පමණක් රුධිර හා ප්ලාස්මා පරිත්‍යාග 600කට වඩා අවශ්‍ය වන අතර එබැවින් දිනකට පරිත්‍යාග 90ක් පමණ සිදු විය යුතු බව සඳහන්.

මාර්ග අනතුරු ප්‍රතිකාර, පිළිකා ප්‍රතිකාර සහ මව්වරුන් සඳහා පශ්චාත් ප්‍රසව ආධාර ඇතුළු විවිධ වෛද්‍ය ක්‍රියා පටිපාටි සඳහා රුධිර පරිත්‍යාග අත්‍යවශ්‍ය සම්පත් වන බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.

බටහිර ඔස්ට්‍රේලියාවේ ලයිෆ් බ්ලඩ්හි ජෙසිකා වයලට් ඉල්ලා සිටින්නේ පරිත්‍යාග කළ හැකි ඕනෑම කෙනෙකුට ඉක්මනින් රුධිරය ලබා දෙන ලෙසයි.

රුධිර තොග අවදානම් මට්ටම් කරා ළඟා වී ඇති බැවින්, සියලු දෙනාටම පැමිණ ලේ පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව ඇය ප්‍රකාශ කළා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »