ජනප්‍රිය රූපලාවණ්‍ය නිෂ්පාදන කිහිපයක් යළි කැඳවයි

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම රූපලාවන්‍ය ආලේපනයක් වන මැක්ඕ බියුටි (MCo Beauty) නිෂ්පාදන කිහිපයක් යළි කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

එම නිෂ්පාදන භාවිතයෙන් බරපතල තුවාල ඇති වනු ඇති බවට පවතින බිය හේතුවෙන් එය භාවිතය වහාම නතර කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

ලිප් ලයිට් ෂයින් ග්ලොස් (Lip Light Shine Gloss) නිෂ්පාදන සඳහා නැවත කැඳවීමක් නිකුත් කර ඇති අතර ඒවා ආරක්ෂාව සහ තත්ව ප්‍රමිතීන් සපුරා නොමැති බවට අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නිෂ්පාදනයෙහි පියන් පතෙහි ඇති LED ආලෝකය මෙන්ම එහි සවි කර ඇති කණ්නාඩිය මගින් අනතුරක් සිදු වනු ඇතැයි යන බිය හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා.

2023 වසරේ ඔක්තෝබර් 1 සහ පසුගිය අප්‍රේල් 17 වනදා අතර කාලයේ අලෙවි කරන ලද නිෂ්පාදනයි මෙලෙස යළි කැඳවා ඇත්තේ.

දැනටමත් මෙම නිෂ්පාදන මිලදී ගෙන ඇති පාරිභෝගිකයින් ඒවා කුඩා ළමුන්ගෙන් ඈත් කර තබන ලෙසට ද වැඩිදුරටත් දන්වා තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »