ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

පසුගිය දශක 3කට ආසන්න කාලසීමාව තුළ වඩාත්ම ජනප්‍රිය වූ ඉංග්‍රීසි නොවන භාෂා පිළිබඳවයි මෙම සමීක්ෂණය මගින් හෙළිවී ඇත්තේ.

ඒ අනුව ඉංග්‍රීසි වලට අමතරව ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය භාෂාව ලෙස මැන්ඩරින් නම් කර තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට නම් කර ඇත්තේ අරාබි භාෂාව වන අතර තුන්වන තැනට ඔස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රිය භාෂාව ලෙස වියට්නාම් භාෂාවයි හඳුනාගෙන ඇත්තේ.

මෙහි විශේෂත්වය වනුයේ 1991 සිට 2006 දක්වා කාලසීමාව තුළ ඕස්ට්‍රේලියානුවන් වැඩිපුර භාවිත කළ භාෂාව ලෙස ඉතාලි භාෂාව පෙරමුණට පත්වීමයි.

ජන හා සංඛ්‍යාලේඛන කාර්යංෂ නවතම දත්ත අනුව වර්තමානයේ ඉතාලි භාෂාවට හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි.

මේ අතර හින්දි සහ ස්පාඥ යන භාෂාද ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය වෙනත් භාෂා ලෙස සැලකෙනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »