වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

සිසුන් චෝදනා කර ඇත්තේ පාසල් බලධාරීන්ගේ මෙම තීරණය සිසු අයිතීන් අනතුරේ හෙළීමක් බවයි.

මෙම නීතියට අනුව ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන අතරතුර සිසුන් තමන් පාන වර්ග රැගෙන එන බෝතල් පන්ති කාමරයෙන් පිටත තැබිය යුතු වනවා.

විවේකය, දිවා ආහාරය සහ කාල පරිච්ඡේද අතර ජලය පානය කිරීමට ඕනෑ තරම් අවස්ථා ඇති බැවින් කිසිදු සිසුවෙකු පිපාසයෙන් නොපෙළෙන බවයි විද්‍යාලය ප්‍රකාශ කලේ.

අදාළ කාලයේදී තම ජල බෝතල් හෝ පානීය ජල පහසුකම් වෙත යාමට සිසුන්ට අවස්ථාව පවතින බව ද පාසල් බලධාරීන් පෙන්වා දෙනවා.

වෛද්‍ය නිර්දේශ සහිත මෙන්ම නිරන්තරයෙන් ජලය පානය කිරීමට අවශ්‍ය සිසුන්ට මෙම නීති බල නොපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

Ballarat Clarendon College පැවසුවේ එවැනි අවශ්‍යතා සහිත සිසුන්ට පන්තියේ ජල බෝතල් තබා ගැනීමට අවසර ඇති බව කාර්ය මණ්ඩලයට හැඟවෙන පරිදි සටහන් පොතේ සටහනක් යොදා ඇති බවයි.

5 වසරේ සිට 9 වසර දක්වා වන සිසුන්ට මෙම නීති ක්‍රියාත්මක වනු ඇති.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »