මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ 29 හැවිරිදි මෙම කාන්තාව ශාන්ත කිල්ඩා නැගෙනහිර ප්‍රදේශයේ හෝතම් මාර්ගය ඔස්සේ ඇවිද යමින් සිටියදී පැමිණි පුද්ගලයෙකු පෙරවරු 8.40 ට පමණ ඇයගේ අතකට පිහියකින් පහර දී ඇති බවයි.

එම ස්ථානයේ සිටි ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු සැකකරු අල්ලා ගෙන ඇතැයි සඳහන්.

44 හැවිරිදි ශාන්ත කිල්ඩා ප්‍රදේශයේ පදින්චිකරුවෙන් වන අතර ඔහු සුළු තුවාල සහිතව පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර තිබෙනවා.

පිහි ඇනුමට ලක්වූ කාන්තාවගේ අතේ කැපුම් තුවාලයක් ඇති අතර ඇය රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සකකරු අත්අඩංගුවට ගැනීමට සහය වූ තවත් 30 හැවිරිදි පුද්ගලයෙක් ද සුළු තුවාල සහිතව රෝහල් ගත කර තිබෙනවා.

පිහි ඇනුමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »