
ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.
බොහෝ රැකියා අහිමිවීම් මේ වසර අවසානය වන විට සිදුවනු ඇති අතර, සේවකයින් සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීම සිදුවන බවයි සමාගම පවසන්නේ.
ටෙල්ස්ට්‍රා ප්‍රධාන විධායක විකී බ්‍රැඩි ප්‍රකාශ කළේ දත්ත පරිමාවේ වර්ධනය හමුවේ පාරිභෝගිකයින් සඳහා වැඩිදියුණු කළ සම්බන්ධතාවක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය ආයෝජන කරගෙන යාමට මෙම පියවර අවශ්‍ය බවයි.

ශ්‍රම බලකාය අඩු කිරීමෙන් සමාගමට ඩොලර් මිලියන 350ක පමණ මුදලක් ඉතිරි වන බව ද ටෙල්ස්ට්‍රා ප්‍රධාන විධායක නිලධාරිවරයා සඳහන් කර තිබෙනවා.
යෝජිත රැකියා අඩුකිරීම්වලින් 377ක් සම්බන්ධයෙන් අද සේවකයන් සමඟ උපදේශන කටයුතු ආරම්භ කරන අතර බලපෑමට ලක් වූ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා ද ආරම්භ වන බවයි ඔහු කියාසිටියේ.

මෙම රැකියා කප්පාදුව හමුවේ පාරිභෝගික සේවයට බලපෑමක් ඇති නොවන බව ද ටෙල්ස්ට්‍රා බලධාරීන් පෙන්වා දී තිබෙනවා.