බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

NRMA දත්ත අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගත වූ මාස කිහිපය තුළ අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 919 ඉක්මවා ඇති අතර මාර්ග අනතුරු හේතුවෙන් ප්‍රාන්තයේ පුද්ගලයින් 331ක් මියගොස් තිබුණා.

එම අගය පසුගිය වසරට සාපේක්ෂව මරණ 69ක වැඩීවිමක් වන අතර මෙම වසරේ නිව් සවුත් වේල් ප්‍රාන්තයේ මාර්ග අනතුරු හේතුවෙන් මියගිය පිරිස අතුරින් 35 දෙනෙකු බීමතින් රිය පැදවීම් හමුවේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බීමත්ව රිය ධාවනය කරන ප්‍රදේශ අතුරින් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ සිඩ්නි නගරය වන අතර ගතවූ මාස කිහිපය තුළ බිමත් රියදුරන් 579ක් හඳුනාගෙන තිබුණා.

බීමත්ව රිය පැදවීමෙන් වරදකරුවන් වන රියදුරන්ට ඩොලර් 2200 උපරිමයකට යටත් දඩ මුදලක් සහ මාස 6ක කාලයක් සඳහා රියදුරු බලපත්‍රය අවලංගු වීමක් ද සිදු වනු ඇති.

බිමත්ව රිය පැදවීමට පෙර තමන්ගේ මෙන්ම අන් අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිල්ලෙන් පසුවන ලෙස රියදුරන්ට දැනුම් දෙන අතර මාර්ග අනතුරු බහුල කලාප හඳුනාගනිමින් අනතුරු පාලනය සඳහා ද නව පියවර රැසක් ගෙන තිබෙනවා.

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »