Search

“මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි

විශ්‍රාමිකයින් සඳහා ලෝකයේ ඉහළම සංචාරක ආකර්ශනය සහිත නගරය ලෙස මෙල්බර්න් නගරය නම් කර තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය සිඩ්නි හිමිකරගෙන ඇති අතර හයවන ස්ථානයට බ්‍රිස්බේන් නම් කර තිබුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නගර 3ක් විශ්‍රාමිකයින් සඳහා වඩාත් සුදුසු සංචාරක නගර ලෙස නම් කර තිබීම විශේෂත්වයක්.

විශ්‍රාමිකයින් සිය සැඳෑ සමය ගතකිරීමට වඩාත් ආකර්ශණිය සහ සාමකමී පරිසරයන් තොරාගන්නා අතර සංචාරක රක්‍ෂණ වෙබ් අඩවියක් වන පේයින් ටූ මච් වෙබ් අඩවිය විසින් මෙම වාර්තාව නිකුත් කර තිබුණා.

තවද මෙම ශ්‍රේණිගත කිරීම් ඉදිරිපත් කිරීම සඳහා වයස අවුරුදු 60 ට වැඩි සංචාරකයින් භාවිත කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරය ද 4වන ස්ථානය ජර්මනයේ බර්ලින් නගරය ද හිමිකරගෙන තිබුණා.

තවද විශ්‍රාමිකයින් සඳහා ලෝකයේ ඉහළම සංචාරක ආකර්ශනය සහිත නගර 10 අතුරින් අවසන් ස්ථානය සිංගප්පූරුව හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »