මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි

පලස්තීන හිතවාදී විරෝධතා හේතුවෙන් මෙල්බර්න් ඇතුලු විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අවලංගු කර තිබෙනවා.

එක් විශ්ව විද්‍යාලයක ගොඩනැගිල්ලක විරෝධතාකරුවන් සිරකර ඇති අතර තවත් විශ්ව විද්‍යාලයක සිසුන් පවසන්නේ තමන් නෙරපා හැරීමේ තර්ජනයට ද ලක්ව ඇති බවයි.

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ශාලාවක් අගුලු දමාගෙන රාත්‍රිය ගත කර ඇති අතර එය දෙවන දිනටත් පන්ති අවලංගු කිරීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

ගාසා යුද්ධයේදී මියගිය පලස්තීන තරුණයෙකු වන මහමුද් අල්නාවුක්ට ගෞරවයක් වශයෙන් එය “මහමුද් හෝල්” ලෙස නම් කරමින් බදාදා සිසුන් කණ්ඩායමක් ආර්ට්ස් වෙස්ට් ගොඩනැගිල්ල අත්පත් කර ගෙන තිබුණා.

මෙම ක්‍රියාව විශ්වවිද්‍යාල ප්‍රතිපත්තිය උල්ලංඝණය කර ඇති බවට බලධාරීන් තීරණය කර ඇති අතර පැමිණ සිටි සිසුන්ට බදාදා පස්වරු 2.30 වන විට ඉවත් වන ලෙස දන්වා ඇතත් එම නියෝග නොසලකා හැර ඇති බවයි පැවසෙන්නේ.

විශ්ව විද්‍යාලය නිවේදනය කළේ විරෝධතා උග්‍ර වීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වන අතර සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක අංශ සමඟ කටයුතු කරන බවයි.

ඒ අනුව අද දිනයේ පන්ති අවලංගු කර විකල්ප විධිවිධාන සලසන ලෙසට ද උපදෙස් දී තිබෙනවා.

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය විරෝධතාකරුවන් පැවසුවේ සංවිධායකයින් නව දෙනෙකුට විෂමාචාර චෝදනා එල්ල වී ඇති අතර ශිෂ්‍යභාවය අත්හිටුවීම හෝ සරසවියෙන් නෙරපා හරින බවට තර්ජනය කර ඇති බවයි.

මෙල්බර්න්හි ඩීකින් විශ්ව විද්‍යාලයේ ද සිසුන් විරෝධතාවල නිරත වූ බවයි සඳහන් වන්නේ.

සිඩ්නි, මෙල්බර්න්, ඩීකින්, මොනෑෂ්, ලැට්‍රෝබ්, ඇඩිලේඩ්, ක්වීන්ස්ලන්ඩ්, කර්ටින්, ටස්මේනියා ඇතුලු විශ්ව විද්‍යාල රැසක මෙලෙස පලස්තීන හිතවාදී විරෝධතා ක්‍රියාත්මක බව වාර්තා වී තිබෙනවා.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »