එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකීකයන් 44 දෙනෙකු නිදහස් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඒ, රාකීය නියෝගයක් මගින් ලබා දී ඇති සමාව හේතුවෙන්.
මොවුන් විවිධ බන්ධනාගාරවල රඳවා සිටින බව සඳහන්.
2024 අප්‍රේල් ශුද්ධ වූ රාමසාන් මාසය නිමිත්තෙන් මෙම ශ්‍රී ලාංකික සිරකරුවන්ට සමාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස ඉතා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බවයි මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.