වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

රථවාහන අනතුරු කොමිසම සහ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සිදු කළ අධ්‍යයනය මගින් අනාවරණ වී ඇත්තේ කල්පනාකාරීව වෙහෙසකින් තොරව රිය පැදවීමට අවම වශයෙන් පැය 5ක් හෝ ඊට වැඩි කාලයක නින්දක් අවශ්‍ය බවයි.

සෑම වසරකම වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුවන මාරක අනතුරුවලින් සියයට 20ක් වෙහෙස මහන්සි වී රිය පැදවීම හේතුවෙන් සිදුවන ඒවා බවට හෙළිවී තිබෙනවා.

ඇල්ෆ්‍රඩ් සහ රෝයල් මෙල්බර්න් රෝහල්වලට පැමිණෙන මාර්ග අනතුරුවලට ලක්වුවන්ගෙන් හතරෙන් එකක් ද නිදිමත හෝ අධික වෙහෙස හේතුවෙන් එම අනතුරුවලට ලක්වුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ සෑම ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පැය පහක නින්ද සාමාන්‍ය රාත්‍රියක් බවයි.

එහෙත් ආරක්ෂිත හොඳ රියදුරෙකු වීමට අවම වශයෙන් පැය පහක වත් නින්දක් අවශ්‍ය වන බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ විධායක සාමාන්‍යාධිකාරී සමන්තා කොක්ෆීල්ඩ් සඳහන් කළා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »