2024 ජනප්‍රියතම ළදරු නම් ලැයිස්තුව මෙන්න

2024 වසරේදී ජනප්‍රියත්වයේ විශාල පියවරක් තැබූ පුදුම සහගත ළදරු නාමයන් පිළිබඳ අනාවරණ කර තිබෙනවා.

මතෙව් (Mateo) යන නාමය පළමු වරට පිරිමි ළමයින්ගේ හොඳම නම් 10 ලැයිස්තුවට අලුතින් ඇතුළත් වූ අතර 2023 වසරේදී පිරිමි ළමයින්ගේ ජනප්‍රිය නම් අතර හයවන ස්ථානයේ තිබූ බෙන්ජමින් මෙවර ලැයිස්තුවෙන් ඉවත් වී තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ වඩාත්ම ජනප්‍රිය ළදරු නම් ලැයිස්තුව පිළිබඳ සමාජ ආරක්ෂණ පරිපාලන බලධාරීන් මෑතකදී නිකුත් කරන ලද දත්ත වලට අනුවයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

2022 වසරේදී ජනප්‍රියත්වය අතර 11 වන ස්ථානයේ පැවති මතෙඕ යන නම මෙවර අංක 6 දක්වා පැමිණීම පුදුමයක් බවයි කුඩා ළමයින්ගේ නම් පිළිබඳ සමීක්ෂණ වෙබ් අඩවියක් වන නේම් බෙරි හි ප්‍රධාන කර්තෘ සොෆි කිම් සඳහන් කළේ.

ලියම් සහ ඔලිවියා යන නම් අඛණ්ඩව පස්වැනි වසරටත් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටින අතර ඉහළම මට්ටමට ළඟා වූ එකම නව නම මතෙව් පමණයි.

සමාජ ආරක්ෂණ පරිපාලනයේ තොරතුරු අනුව එක්සත් ජනපදයේ බිළිඳුන් 11,000කට වඩා පසුගිය වසරේ මතෙව් ලෙස නම් කර ඇති බවයි පැවසෙන්නේ.

“දෙවියන් වහන්සේගේ දීමනාව” යන අරුත ඇති මෙම නම 1995 දී හොඳම නම් 1000 අතරට පැමිණීමට පටන් ගත් බව සොෆි කිම් ප්‍රකාශ කළා.

කේලි (Kaeli) යන නාමය පසුගිය වසරේ වේගයෙන්ම ජනප්‍රිය වන ගැහැණු ළමයින්ගේ නම වූ අතර, එය ශ්‍රේණිගත කිරීම්වල අංක 678 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Boys

01. Liam
02. Noah
03. Oliver
04. James
05. Elijah
06. Mateo
07. Theodore
08. Henry
09. Lucas
10. William

Girls

01. Olivia
02. Emma
03. Charlotte
04. Amelia
05. Sophia
06. Mia
07. Isabella
08. Ava
09. Evelyn
10. Luna

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »