සරම්ප රෝගියෙක් මෙල්බර්න් ගුවන් තොටුපළෙන් හමුවෙයි

මෙල්බර්න් ගුවන් තොටුපළේදී සරම්ප රෝගී ආසදිතයෙක් හඳුනාගෙන තිබෙනවා.

පසුගිය බදාදා රාත්‍රී 9.15 ත් 10.30 ත් අතර මෙල්බර්න් ගුවන්තොටුපලේ ජාත්‍යන්තර පර්යන්තය හරහා ඩුබායි සිට පැමිණි විදේශ සංචාරකයෙකු මෙලෙස සරම්ප සඳහා ධනාත්මක බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

එම කාලය තුළ ගුවන් යානයේ හෝ ගුවන් තොටුපලේ සිටි පුද්ගලයින් සරම්ප රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව වික්ටෝරියා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළා.

වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ක්ලෙයාර් ලුකර් කියාසිටියේ මෙම අසාදිත පුද්ගලයා ගැවසුණු ප්‍රදේශවල සිටි අයෙකු වන්නේ නම් ඔවුන් දින 18ක කාලයක් පමණ රෝග ලක්ෂණ ගැන විමසිලිමත් විය යුතු බවයි.

සරම්ප වැළඳී ඇත්නම් සාමාන්‍යයෙන් සතියකට පසු රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන බව ද ඔහු සඳහන් කළා.

එබැවින් රෝග ලක්ෂණ වර්ධනය වුවහොත්, ඔබ වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු අතර ඒ සඳහා පැමිණීමට පෙර දුරකතනයෙන් අමතා දැනුවත් කරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

එවිට එම සරම්ප ආසදිතයා අනෙකුත් රෝගීන්ගෙන් වෙන් කර ප්‍රතිකාර කළ හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

සරම්ප යනු ඉතා ඉක්මනින් බෝවන වෛරස් රෝගයක් වන අතර එන්නත් නොකළ පුද්ගලයින් තුළ ඉක්මනින් පැතිර යා හැකි බව වික්ටෝරියා සෞඛ්‍ය අංශ පවසනවා.

කුඩා දරුවන්ට සහ ප්‍රතිශක්තිකරණය අඩු වැඩිහිටියන්ට එය වැළඳුනහොත් බරපතල රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බවයි සඳහන් වන්නේ.

වෛරසය සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණවලින් ආරම්භ වන අතර පසුව උණ සහ කැසීම ඇති වනවා.

මෑත කාලීනව හමුවූ බොහෝ සරම්ප රෝගීන් එන්නත් නොකළ හෝ විදේශයන්හි සිට ආපසු පැමිණි පුද්ගලයින් බව ද වික්ටෝරියා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »