Search

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද පැවති මෝටර් රථ ධාවන තරඟයක් අතරතුර සිදුවූ මෙම අනතුරින් මියගිය පිරිස අතර 8 හැවිරිදි කුඩා දැරියක් ද සිටින බවයි.

රෝහල් ගත කර ඇති සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද සඳහන්.

මෙම අනතුරත් සමග තරගයේ ඉතිරි සියලු තරග අවලංගු කිරීමටයි සංවිධායකයින් පියවර ගෙන ඇත්තේ.

අනතුරෙන් තුවාල ලැබූවන් දියතලාව සහ බදුල්ල මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අනතුරට ලක්වී ඇති අතර එය නැරඹීමට ඉදිරියට පැමිණි පිරිසක් තවත් මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »