iPhone අළෙවිය සියයට 10 කින් පහතට

ලොව වඩාත්ම ජනප්‍රිය ෆෝන් මාදිලියක් වන ‘iPhone’ අලෙවිය සියයට 10 කින් පහත වැටී තිබෙනවා.

 

එය සමාගමේ සමස්ත අලෙවිය පහත වැටීමට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

 

ඒ අනුව ඇපල් සමාගමට, වසරකට වැඩි කාලයක් තුළ සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම මෙය වනු ඇති.

 

මෙම වසරේ පළමු මාස 03 තුළ එහි අලෙවිය සියයට 4කින් පහත වැටී තිබෙනවා.

 

ඒ අමෙරිකානු ඩොලර් බිලියන 91ක් ලෙසයි.

 

ආදායම සියයට 4 ක පහත වැටීමක් තිබියදීත්, අනෙක් සමාගම් හා සැසදීමේ දී ‘Apple සමාගම තවමත් ඩොලර් බිලියන 24 කට ආසන්න ලාභයක් වාර්තා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

 

කෙසේ වෙතත් එය පෙර වසරට සාපේක්ෂව 2% කට වඩා අඩු වීමක් ලෙස සදහන්.

 

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »