Search

ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයට වසර 15ක් සපිරෙයි

ශ්‍රී ලංකාවේ වසර 30කට වැඩි කාලයක් පැවති LTTE ත්‍රස්තවාදය පරාජය කර රටට සැබෑ නිදහස උදාකර දී අදට වසර 15ක් සපිරෙනවා.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ශ්‍රී ලංකා හමුදා සෙබළුන්ගේ ප්‍රහාරවලින් ජිවිතක්ෂයට පත්වීමත් සමඟයි එතෙක් පැවැති නිමාවට පත්වීම සනිටුහන් කෙරුණේ.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් LTTE ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත හිමි වනවා.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම යුද හමුදාපති සරත් ෆොන්සේකා මානුෂිය මෙහෙයුම සඳහා නායකත්වය දුන් අතර ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ හිටපු ජනාධිපතිවරයෙක් ද වන ගෝඨාභය රාජපක්ෂයි.

මෙවර 15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 දෙනෙකු ඊළඟ නිලයට උසස් කිරීමට පියවර ගෙන තිබෙන අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සෙබළුන් 1,300 කට වැඩි පිරිසකට ද උසස් වීම් ලබා දීමට නියමිත බව සඳහන්.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »