Search

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

 

තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.

 

කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංක්‍රමණික ආයතන, එහි නියෝජිතවරුන් සහ නීතිඥවරුන් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිනවා.

 

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාලවලට සම්බන්ධව නියෝජිතවරුන් සහ නීතිඥවරුන් රැසක් Aus Lanka TV ආයතනය විසින් සංවිධාන කරනු ලබන Aus Lanka TV Education Migration Expo වැඩසටහනට එක්වීමට නියමිතයි.

 

Student Visa, Sponsor Visa, Skilled Visa සහ අනෙකුත් වීසා කාණ්ඩ ලබාගන්නා ආකාරය පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමක් සහ ඒ සඳහා මාර්ගය සලසා දීමට මෙම වැඩසටහන මගින් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

 

නිවැරදි විශ්ව විද්‍යාලයක් තෝරා ගැනීම, පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාව ඇති නිවැරදි පාඨමාලාවක් තෝරා ගැනීම, ශිෂ්‍යත්ව සඳහා අවශ්‍ය සුදුසුකම් පෙන්වා දීම සහ එම ශිෂ්‍යත්ව වෙත යොමු කිරීම, විශ්ව විද්‍යාල තෝරා ගැනීම සහ ඊට එක්වීම සඳහා අවශ්‍ය ක්‍රමවේද පැහැදිළි කර දීම, මූල්‍ය අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය නිවැරදි උපදෙස් ලබාදීම, Work Visa සඳහා අවශ්‍ය Sponsor සම්බන්ධ කර ගැනීමේ නිවැරදි මාර්ගය පිළිබඳ දැනුවත් කිරීම ද මෙහිදී සිදු කෙරෙනවා.

 

මේ දිනවල ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී විශාල පිරිසක් වංචනික ක්‍රියාවලට හසුවන බැවින් නිවැරදි මාර්ගයකින් ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා ඔවුන්ට දැනුම ලබාදීම අරමුණු කර ගනිමිනුයි Aus Lanka TV මාධ්‍ය ජාලය Aus Lanka TV Education Migration Expo සැලසුම් කර ඇත්තේ.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »