Search

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

 

රජයේ අදාළ අංශ විසින් ඔවුන්ව රහසේම රටින් පිටුවහල් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

ඔත්තුකරුවන් දෙදෙනා ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු බව පමණක් හෙළිදරව් කර තිබෙනවා.

 

ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඔස්ට්‍රේලියානු රජය විසින් ඒ අතරතුර ජාතික යටිතල පහසුකම් සහ සම්පත් ව්‍යාපෘති වල සුරක්ෂිත භාවය ආරක්ෂා කිරීම සඳහා විදේශ ආයෝජන ප්‍රතිසංස්කරණයක් එළි දැක්වීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කර තිබෙනවා.

 

සංවේදී ආරක්ෂක ව්‍යාපෘති සහ ගුවන් තොටුපල ආරක්ෂාව පිළිබඳ  රහස් සොරකම් කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් එම ඔත්තුකරුවන් පිටුවහල් කර බවයි වාර්තා කරන්නේ

 

2020 දී ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය විසින් මෙම ඔත්තුකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකිව තිබු අතර ඒ පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කර තිබුනේ පපුගිය අප්‍රේල් 30 වන දායි.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »