මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි පහසුකම් භාවිත කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අභිලාෂ කැඳවීම සඳහා පසුගිය 2023 වසරේ ජනවාරි 9 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබූ බවයි රජය සඳහන් කළේ.

ඒ අනුව අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති අතර ආයතන 5ක් විසින් සිය කැමැත්ත ඉදිරිපත් කර තිබූ බව සඳහන්.

අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි අභිලාෂ ඉදිරිපත් කළ ආයතන 05ක් අතරින් 02ක් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි කළමනාකරණය ඉන්දියාවේ ශෝරියා එරෝනෝටික්ස් (Shaurya Aeronautics (pvt)Ltd) සහ රුසියාවේ එයාර්පොර්ට්ස් ඔෆ් රීජන්ස් මැනේජ්මන්ට් කම්පැනි (Airports of regions management company) වෙත හෝ එහි බද්ධ ව්‍යවසායකයක් වෙත පැවරීමට නියමිතයි.

වසර තිහක කාල සීමාවක් සඳහා ගුවන් තොටුපල පැවරීම වෙනුවෙන් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »