මෙල්බන් හි තම මිතුරාට පිහියෙන් ඇන ඝාතනය කළ සැකකරුවන් සොයා විමර්ශන

මෙල්බන් හි සිදුවු පිහි ඇණුම් ප්‍රහාරයට අදාළ සැකකරුවන් දෙදෙනෙක් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ අලුයම 1 ට පමණ ඕර්මන්ඩ් හි නිවසක ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතරල 22 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා

සිද්ධිය සම්බන්ධයෙන් 26 සහ 27 විටෙහි පසුවන සොහොයුරන් දෙදෙනෙක් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

බහින්බස්වීම දුරදිග යෑමේ සැකකරුවන් විටින් නිවසේ සිටි 30 හැවිරිදි තරුණයාට පිහියෙන් ඇණ ඇති බවයි වාර්තා වන්නේ.

බරපතල තුවාල ලැබු ඔහු එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා.

සැකකාර සහෝදරයන් දෙදෙනාම ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයින් බව සඳහන්

සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවය කලක සිට හදුනන මිතුරන් බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

පිහි ඇණුමට පෙර මොවුන් මත්පැන් පානය කරමින් සිටි බවද සඳහන්

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »