ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු යෞවනයන් රැඩිකල්කරණය කිරීම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් තුළ ස්ථාවර ගැටලුවක් බවට පත්ව ඇති බවයි ත්‍රස්ත විරෝධී විශේෂඥයෙක් වන ඩේවිඩ් ගැවෙල් ප්‍රකාශ කළේ.

2014 වසරේ සිට සමස්ත ඔස්ට්‍රේලියාව පුරා ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වයස අවුරුදු 18 සහ ඊට අඩු තරුණයින් 21 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

අදාල කාලය තුල ත්‍රස්තවාදී ප්‍රහාර 40 කට අධික සංඛ්‍යාවක් ද ව්‍යර්ථ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඩේවිඩ් ගැවෙල් සැලකෙන්නේ ත්‍රස්තවාදයට එරෙහි විශේෂඥයෙකු ලෙස වන අතර ඔහු සිය වෘත්තීය දිවියේ වැඩි කාලයක් ගත කර ඇත්තේ ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී කණ්ඩායමේ සේවය කරන රහස් පරීක්ෂකයෙකු ලෙසටයි.

ඔහුගේ ධුර කාලය තුළ ත්‍රස්ත විමර්ශන 2000 කට සිදු කර ඇති අතර එම විමර්ශනවලින් විශාල ප්‍රමාණයකට වයස අවුරුදු 18ට අඩු බාලවයස්කරුවන් ඇතුළත් වූ බව සඳහන්.

ගැවෙල් පැවසුවේ ත්‍රස්ත කණ්ඩායම් විසින් බාල වයස්කරුවන් බඳවා ගැනීම් සඳහා විවිධ දිරිගැන්වීම් සිදු කරන බවයි.

ඒවා මිත්‍යාවන් වන අතර, අවාසනාවන්ත ලෙස බාල වයසේ පසුවන්නන් මෙම අසත්‍යයන් විශ්වාස කිරීම මෙම තත්වයට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ.

එබැවින් රජයේ විශේෂ අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු විය යුතු බව ඔහු අවධාරණය කර තිබෙනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »