වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

පසුගියදා සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ පසුගිය වසර තුළ පමණක් සාප්පු සේවකයින්ගෙන් සියයට 87ක් විවිධ අපයෝජනයන්ට ලක්ව ඇති බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ සිල්ලර වෙළඳසල්, ආපන ශාලා සහ ප්‍රවාහන කාර්ය මණ්ඩලයට පහර දීම හෝ විවිධ හිංසන සිදු කරන ගනුදෙනුකරුවන්ට මෙම නව නීති යටතේ දැඩි දඬුවම්වලට මුහුණ දීමට සිදු වනු ඇති.

ඊයේ වික්ටෝරියානු කම්කරු රාජ්‍ය සම්මන්ත්‍රණය අමතමින් අගමැතිනි ජසින්ටා ඇලන් ප්‍රකාශ කළේ සේවකයන්ට එරෙහි ප්‍රහාර මැඩලීම සඳහා තම රජය විසින් නීති සම්පාදනය කරන බවයි.

1989 වසරේ සිට පාසැලේ සහ පසුව විශ්ව විද්‍යාලයේ සිටියදී සුපිරි වෙළඳසැල්වල සේවය කිරීමේදී ලැබූ අත්දැකීම් ගැන ද අගමැතිවරිය මෙහිදී හෙළි කළා.

ඇය වැඩි වශයෙන් කාලය ගත කර ඇත්තේ දුම්වැටි අලෙවි කවුන්ටරය පිටුපස වන අතර එහි ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කිරීම එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් වූ බවයි අගමැතිවරිය කියාසිටියේ.

මේ වන විට පාරිභෝගිකයින්ට මුහුණ දෙන සේවකයින්ට එරෙහි ආක්‍රමණශීලීත්වය සහ ප්‍රචණ්ඩත්වය වඩාත් නරක අතට හැරී ඇති අතර ඒ හේතුවෙන් නව නීති ගෙන එන බව ජසින්තා ඇලන් ප්‍රකාශ කළා.

සේවක සංගමයේ සාමාජිකයින් 4600ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ පසුගිය වසරේ කම්කරුවන්ගෙන් සියයට 87ක් හිංසනයන්ට ලක් වූ අතර එය 2021 වසරට වඩා සියයට 56කින් ඉහළ ගොස් ඇති බවයි.

වික්ටෝරියා රජය 2025 අවසානය වන විට පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට අදහස් කරන නව නීති අධීක්ෂණය කිරීම සඳහා කම්කරු ආරක්ෂණ උපදේශන කණ්ඩායමක් ද පත් කිරීමට නියමිත බව සඳහන්.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »