Search

ජීවන වියදම් අර්බුධය නිසා සෞඛ්‍ය අවදානමක්

මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රතිකාර මඟ හරින බව නවතම අධ්‍යනයන දී හෙළිව තිබෙනවා.

ෆයින්ඩර් විසින් සිදුකළ අධ්‍යනයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 5 දෙනෙකුගෙන් දෙදෙනෙක් පසුගිය මාස 12 තුළ වෛද්‍ය ප්‍රතිකාර මග හැර ඇති බවයි වාර්තා වන්නේ.

තවද ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් පසුගිය මාස 12 තුළ වෛද්‍ය ප්‍රතිකාර වෙත යෑම අවශ්‍ය වුවත් එම ප්‍රතිකාර සිතා මතා මග හැර ඇති බවයි වාර්තා වන්නේ.

ජීවන වියදම් පීඩනය හේතුවෙන් සෞඛ්‍ය ගැටළු නොසලකා හැරීමේ දැඩි තීරණ ගැනීමට සිදු වූ ඔස්ට්‍රේලියානුවන් මිලියන 4.17ක් බව එම වාර්තා මගින් හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 7ක් දන්ත වෛද්‍යවරයා වෙත ගොස් උපදෙස් ලබාගෙන තම මුඛ සෞඛ්‍ය නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමට මැළිකමක් දක්වන බවද සඳහන්.

තමන්ට හිමි රක්ෂණ පහසුකම් පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 5ක් අවස්ථාව තිබුණ ද නොදැනුවත්කම මත වෛද්‍ය සේවා මගහැර ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලයින් මෙලෙස ජීවන විටදම් අර්බුධය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් වන වෛද්‍ය සේවා මගහැරීම බරපතල තත්වයක් බව සෞඛ්‍ය සංගම් වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »